16 December 2017

'සිරිසේන' මනුස්සයෝ නිකන් විහිළුවක් වෙන්න එපා


                                                  මන් මේ කියන්නේ සිරිලංකාවේ ජානාධිපති ගැන නොවේය අහවල් රටක ජනාධිපති කෙනෙක් ගැනය. හැබැයි මෑන්ස් ඒ අහවල් රටේ ලක් වැසියාට දෙන ආතල් දොන් සිරිසේනවත් බයිස්කෝප් වල දීලා නැත. එහෙත් දොන් සිරිසේන මෙන් ඒ සිරිසේනත් අමු ජෝකර් කෙනෙක් වුවත් පොළොවෙන් මතුවෙච්ච බිං කුඩ්ඩෙක් තරම්වත් කොන්දක් ඒ සිරිසේනට නැත.කොටින්ම  කිව්වොත් පෙන්දෙකි. එස්.බී නම් ඒ කාලේ කිව්වේ පෙදි මාස්ටර් කෙනෙක් කියාය. දැන් කාලේ කියාද වෙනසක් නැත.
                                                          එහෙව් රටේ එහෙව් සිරිසේන එහෙව් ආතල් දෙද්දි මෙහෙව් රටේ මෙහෙව් සිරිසේන හිටං ආතල් දෙන්නේය.  ඉකුත් සතියේ බ්‍රහස්පතින්දා එනම් 7 වැනිදා සිට පසුගිය අගහරුවාදා එනම් 13 වැනිදා වෙනතෙක් අඛණ්ඩව දවස් 7ක් මෑත ඉතිහාසයේ වෘත්තීය සංගමයක් පැවත්වූ නිර්ලැජ්ජිතම වැඩවර්ජනය පැවත්වූවාය. එය වඩාත් තුච්ච වන්නේ අතිශය ආසාධාරණ ඉල්ලීම් නිසා නොව. ඔහුන් උකසට ගත්තේ සා.පෙළ සිසුන්ය. ඔහුන් ඉල්ලුවේ සා.පෙල සිසුන්ට නියමාකාර ප්‍රවාහනයක් නොදෙන්නෙ පාලකයින්ගේ කඩිනමින් තමන්ට විසදුමක් නොදෙන නිසා බවයි.

13 December 2017

විධායකයට පුප පෙන්නමින් අමන වර්ජකයෝ තවදුරටත් වර්ජනයේ


                                                මෑත කාලීනව අතිශය පීචං වූ වෘත්තීය සමිති දෙකක්  වෙයි. එකක් වෛද්‍ය සංගමයයි. ඔහුන් රෙදි ගලවා ගත්තේ අන්ත අසාධාරණ ලෙස  තම දරුවන් ජනප්‍රිය පාසල් වලට ඇතුලත් කරගන්න යාමෙන්ය. ඊට අකිල විරාජ් යම් මට්ටමක කොන්දක් තියාගෙන සිටියාය. ඉන් පසුව රෙදි ගලවා ගත් අනෙකුත් සංගමය වන්නේ රේල්ලුවේ වෘත්තීය සමිති එකතුවයි.එහෙත් අදාළ ඇමැති කුම්භකර්ණයානම් මාධ්‍යට අඩුමගානේ මුහුණ දෙන්නේවත් නැත.
                                        රේල්ලුවේ සක්කිළි වර්ජකයින් කොතරම් කුප්ප ලෙස තම නිරුවත් භාවය ප්‍රදර්ශනය කරන්නේද යත් සා.පෙළ ට මුහුණ දෙන ලක්ෂ හයක සිසුන් ඔහුන්ගේ බිල්ලක් ලෙස තබා ගනිමින් ඔහුන් අතිශය කුහක,අශිලාචාර සහ පහත් ලෙස මෙම වැඩ වර්ජනය මේ වන විට හත්වන දවසත් සම්පූර්ණ කරමින් සිදු කරයි. ඉහත සංගමය අමු කාලකණ්ණි සංගමයක් වන්නේ. මෙතෙක් කිසිවෙක් නොකළ අයුරකින් අන්ත අසාධාරණ ඉල්ලීම් මුල් කරගෙන ස.පෙළ සිසුන් බිල්ලට තබා ගැනීම නිසාය.
                                                     කොළඹ සහ ඉන් පිටත නගරබද තදාසන්න  ප්‍රදේශවල සිටින ළමුන්ට දුම්රිය තම ප්‍රවාහන මාධ්‍ය ලෙස යොදා නොගත්තද මින් අතිශය විශාල පීඩාවක් ක්‍රම දෙකක් හරහා සිදුවෙයි.එනම්.

11 December 2017

පෙදි මාස්ටර්ගෙන් කොන්ද පන ඇති තීරණයක්

                                         
                                                     දවස් පහක් තිස්සේ පවතින දුම්රිය වැඩවර්ජනය හේතුවෙන් රස්තියාදුකාරයා සිටින්නේ හොදටම හෙම්බත්වය.ඉකුත් සෙනසුරාදා බොලොග් ලිපියක් ලීවීමට සූදානම් වූයේ පවතින වැඩ වර්ජනය ගැන නවුතෙට එපාවී සිටි උදෑසනකය. එනම් ඒ පසුගිය සෙනසුරාදාය. ඒහි මාතෲකාව වූවේ "කෝච්චියක් වත් දුවවගන්න බැරි පෙන්දන්ගේ ආණ්ඩුවක්" යන්නය. මොකද අහවල් රජතුමාගේ කාලේ නම් පැන්ශොන් ගිය අන්කල්ලාගේ සිට හමුදාවෙ අයවලුන් හෝ පාවිච්චි කොට මුල් දවස අල වුවත් දෙවැනි තුන්වැනි දින වල ට්‍රේන් ටික ලස්සනට දිවෙව්වාය. 
                               එමෙන්ම මෛත්‍රීපාල යනු තමන් සමගවත් මහ ලේකම් තනතුරට ඉල්ලා එය දිනාගත නොහැකි වූ පෙන්දෙක් නොව පෙදි මාස්ටර් කෙනෙක් බව ඉකුත් ජනාධිපතිවරණයේදී කිව්වේ වර්ථමාන මෛත්‍රීපාල ජනාධිපති තුමන්ගේ රජයේ සමාජ සවිබලගැන්වීමේ සහ සුභ සාධන අමාත්‍ය එස්.බී දිසානායක මැතිතුමාය.
                       ඒත් සෙනසුරාදා ලිපිය ලියන ගමන් දවසේ පත්තරය බැලුවයින් දැක්කේ දෑස් අදහාගත නොහැකි ප්‍රවෘත්තියකි. සිරිසේන තුමානෝගේ ලගදිම ගන්නවැයි ගන්නවැයි කිය කියා නෝන්ඩි වී හද්ද පීචං වූ දැඩි තීන්දු හමූවේ. එය කිසිසේත්ම සිතාගත නොහැකි ප්‍රවෘත්තියක් විය. කෙසේ වෙතත් එහි වූවේ දුම්රිය සේවාව අත්‍යාඅවශ්ෂ්‍ය සේවාවක් කිරීමය. ඊටනම් විසිල් පිට විසිල් ගැවුවත් මදිය.