30 November 2017

වහින වැස්සේ ඇගේ ලස්සන


වැස්සේ දුවන කලබල ඇති ඒ සොදුරැති ලදුන
වීදුරුවෙන් දැක්කෙමි ඒ නුඹේ විසුරුණු සොදුර
හිස සිට දෙපතුළටම ඇති රස නුබේ මී වැනිය
සීතල පිනි කැටද උණුසුම්....නැත්තම් ඒ....මගෙ සිතද.......

හැට්ටේ එතුණ සිහින් නූලේ සමනොල ගැටය
තෙත් වුණු නූලෙන් පිට වැගිරෙයි බිදු මුතු වැනිය
පිටත දිගෙ ගොස් සැගවුණු දග ඇති ඒ පිනි බිදුව
තිසරු දිගේ නොගියා සොදුර යන්තම් ඇතිය

ලියතඹර මලක කැටයමකි නුඹේ පිටු පැත්ත
සිහිනැති ඉගත් එක්කළ නුඹේ පිරුපුන් පුන් කලස
තෙත් වී කිටි කිටියේ හිරවී සාරියත් තදටම සිරව
ඒ දැක දැකත් නූබ දෙස නොබලන ඇස් තව මොකට

13 November 2017

"කූඹියෝ" යකෝ ඒක පට්ට - Koombiyo Teledrama



                                               ෆේස්බුක් එකේ කනින් කොනින් කූඹියො කියලා ඇහෙන්න පටන් ගත්තට මන් එච්චර උනන්දුවක් උනේ නෑ. පසුගිය සතියේ මාත් ඔන ඔහේ koombiyo කියලා ගූගල් එකේ ගහල බලන්න ගියා ඔන ඕක. ඔන ඔහේ ගියාට බන් පටන් ගන්න මියුසික් එකත් නිකන් අමුතුම වර්ගයේ එකක්. පොඩ්ඩක් බැලුවා මොකද වෙන්නෙ කියලා. හප්පට සිරි මුල්ම සීන් එකේ ඉදන් කොච්චර කූඹියොන්ට ඇබ්බැහි වුනාද කිව්වොත් පහුගිය සදුදා අගහරුවාද දවස් දෙකේම පහුගිය කොටස් විසි දෙකම එක හුස්මට බලලා ඉවරයක් කරා.
                                       ඇත්තටම දුක කූඹියෝ බලන්න මෙච්චර පරක්කුවෙච්ච එක නෙවෙයි තව පරක්කු වෙන්න බැරි උනේ ඇයිද කියලා. ඇයි දෙයියනේ. එහෙනම් සීරියස් එකම සම්පූර්ණයෙන්ම ඩව්න්ලෝඩ් කරලා ආතල් එකේ බලලා ඉවර කරනවනෙ. දැන් ඉතින් තැප තැප ඉදපන්කෝ ඊලග සෙනසුරාදා ඉරිදා වෙනකම්.
                                   මෙහෙමයි බන් මාත් ඔය එෆ්.බී එකේ රෙකමදාරු හරහා ගියාට හිතුවේ නෑ. මේක මෙච්චර පට්ට එකක් කියලා. ආයෙත් අහලා මැක්සා. ගිහින් බලපල්ලා. හැබැයි අමතක කරන්න එපා.මුල් කොටසෙ ඉදන්ම පිළිවෙලට පලයන්. මොකද කතාවෙ නියම රහ තියෙන්නෙ එතකොට.මොකද කොටසින් කොටසට මාර සම්බන්ධයක් තියෙන්නෙ. මුල ඉදන් බලන්න බැරිනම් නොබලම හිටපන් මොකද තේරුමක් නැහැ අගක් මුලක් තේරුම් ගන්න බැරිව.
                                       ඒ වගේම මන් බලපු පට්ට ආසම ෆිල්ම් එකක් තමයි ස්ටීවන් ස්පිල්බර්ග් කියන
කවුරුත් දන්න පට්ට ඩිරෙක්ටර් අධ්‍යක්ෂණය කරපු ලියනාඩෝ ඩි කැප්‍රියෝ (ටයිටෙනික් එකේ කොල්ලා බන්) රගපාන "Catch Me If You Can"  කියන් ෆිල්ම් එක.මොකද මන් සාමාන්‍යයෙන් වැඩියෙන්ම ආස ඔය වගේ පට්ට ගේම් දෙන හරි.....ඔය වගේ ගේම් හොයන x-files වගේ ඒවට හරි තමයි.... කොහොමින් කොහොම හරි ඒ අග්‍රගන්‍ය චිත්‍රපටයෙන් තමයි මට ලියනාඩෝ ඩි කැප්‍රියො කියන නළුවා ගැන උමතුවක් ඇති උනේ. මොකද ඇත්තටම ලීයනාඩෝ ඩි කැප්‍රියො කියන්නෙ පට්ටම භාණ්ඩයක්......මන් දන්න සුපිරිම වර්ගයේ නළුවන් හතරපස් දෙනාගෙන් එකෙක්........