27 September 2017

බෲටස් නුඹ ඇන්නේ සීසර්ට නොව මගේ පපු කුහරයට

අසුරු සැනකින් ජීවිතය හලන
චුබ්බනයකට ඇහැකිද පියාඹන්න
හෙට වේදිකාවේ සුන්බුන්ව විසිරෙන
අද මා දකිමි ඒ සුන්දර බියගුළු සිහින

සීසර්ට අයිති නුබ ඇතිරිල්ලක
දකිමින සරා සිහින මා සමග

ඇවිදින් සීරුවෙන් හෙමි හෙමින් බෲටස් නුඹ ළගට
බෲටස් උඹ පිහියෙන් ඇන්නේ සීසර්ට නොව මගේ පපු කුහරයට

ලේ නොව එන්නේ කදුලකි සතුටකි
අද බොද වෙන පෙම් සිහින හෙට
වෙනෙකක් ලග සතොසිනි කදුලකි

නුඹ යයි වෙනෙකෙකු එයි මා ලොවට
මා ලොව කිරුළු පලන් එකම කුමරා මමය
තවකෙකු විත් සියුම් පිරිමදියි ඒ මොහොත
දුක නැත පිහි ඇනුමට රිදුම් නැත හදවත

රිදුම් දෙන හදවතින් ලියන මම
-රෝමාන්තික රස්තියාදුකාරයා-