29 December 2016

බඹර පදම,බලු පදම සහ කබර පදම



                                          චරක අයියා තම බිරින් දැ සමග දෙසැම්බර් පාසල් නිවාඩුවට බිරුන්දැගෙ ගමේ යන අතර චරක අයියා ද දවස් දෙක තුනක් නැවැතී නැවතත් ගෙදර පැමිණෙන්නේ රැකියාව සදහා යාමටය. එහෙත් සත්‍ය ලෙසම ඒ දවස් ටික අපිට රජ මගුල්ය. මන්දයත් උන්දැගෙ බිරින්දැ ගෙදර නොමැති දෙසැම්බර් මාසය නම් අපේ වාර්ෂික මහා මෙව්වා එකය. අපේ හතර ගම් තුලානක නත්තලක් නැතත්. අපිද යමරෙට  සැමරෙන්නෙ මේ කාලයේය. චරක අයියාගේ ගෙදරම සැමැරීමට විශේෂ හේතු කීපයක් ඇත.
1. එය පිහිටන්නේ ගමේ ගෙවල් දොරවල් අඩු ප්‍රදේශයකය
2. නිවස පිහිටන්නෙ ගස් කොලන් වලින් පිරුණු වත්තක හුදෙකලාවය
3. ඉහත කරුණු දෙක නිසා නන්දන අයියාගේ dj සංගීතය කන පැලෙන්න ලබා ගත හැක.
4.පසුදා එය පිරිසිදු කළ පසු බිරින්දැගේ ඉවට හව්වෙනවා බොරුය
                                     අවුරුද්දක් තිස්සෙ හීනියට දෙක තුනක් සළු වී ගෙදර එන විට පූස් පැටියෙකු සේ ඒමට බොහෝ උන් පුරුදු වන්නෙ ගෘහස්ත සාමය ආරක්ෂා කරගැනීමටය.  එහෙත් මෙදා නම් එව්වාට සීමා නැත. ඈත එපිට මිතුරෙකුගේ ගෙදර බනකටට පිරිතකට කියා ගමේම ඇති චරක අයියලෑ ගෙදරට රින්ගන්නේ නිල බොක්කෙ ඇති එව්වත් වමනෙට එනකන් බී අවුරුද්දක ඇරියස් කවර් කිරීමටය.
                                              භාර්යාවන් මත් වූ වතුරට අමූ කෑ යකින්නන් ලෙස හැසිරෙන්නෙ ඇයි දැයි ඔබ සිතනවා ඇත. උදාහරණයකට චරක අයියාම ගතහොත් ඔහු දියවැඩියාවේ උපරිම පරිසාදිත මට්ටමේ සිටින තර පුද්ගලයෙකි. ඒ කෙතරම් ද යත් රහමෙර පාවිච්චියෙන් පසු දිනම අංග ජාතකය පවා පට්ට යන තරමට වැඩේ අවුල් වී ගොසිනි. තත්වය එසේ වුවත් එව්වා අපිට වැඩක් නැත ඉන්නා ටික කාලේ කති බොති ප්‍රීති වෙති. වැඩිම උනොත් මැරෙති.
                                                                       හැමදාම වගේ එදත් අපේ ප්‍රීති කාලයේ ආරම්භය විය.පුදුමාකාර නිදහසක් සහ ප්‍රීතියක් මුසු වූ හැගීම් වලට ගල් වීදුරුවක් මික්ස් වූ කල දැනෙන ආතල් එක ලිවිය නොහැක බීලාම ගත යුතුය. හැමදාමත් වගේ අපේ සාමාජික නන්දන අයියාගේ dj සංගීතයට අපි බඹර පදෙමෙදි ගීත ගායනා කරයි.එනම් ට්‍රැක් එක වෙනම යන අතර අපේ හදවතේ මුල්ලෙම තියෙන විරහව,අසම්මතය,සම්මතය,බැදීම,ආදරය ගීතයට නැගෙන්නෙ බොක්කෙන්මය.

23 December 2016

යාල පිස්සුව - Yala national park


                                                            ඉකුත් සති‍යේ දවස් හතරක පුල් මාවලස් නිවාඩුවක් එළඹියෙන් එම දවස් හතර ඉතාමත් සොමිබර ලෙස ගත කිරීමට ඉස්කෝලෙ එකට හිටපු උන් ටික ගජරාමෙට බුකියේ අටවාගත් ගෲපයේ සියළු සංවිධාන කටයුතු ඉටුකර තිබුණී. පොදු මතය වූයේ කතරගම යාම හැම එකාම සුට්ටං බට්ටිත්තාගේ කාලේ සිට තිත්ත වෙනකම්ම කර ඇති බැවින් මෙදා පාර බුත්තල ප්‍රදේශයේ ඇති සිද්ධස්ථාන වැද පුදා ගැනීමට යාමටය. යන එන තැන කාටවත් වැදගත් නොවුයේ අපේ එවුන්ගේ මුලික පරම පිවිතුරු අරමුණ වු‍යේ බෝතල් කැඩීම නිසාය. එසේනම් මේසේ වන වගය.

"යනකොට බොන්න ඕන බෝතල් ගන්න හැටි"
"දවල්ට කාලා නාන ගමන් බොන්න හොද පොට් එකක්"
"රෑට බාබකිව් එකක් එක්ක රෑ එළිවෙනකම් හොද බජ්ව්වක් දාන්න හොද කේස් දාන්නෙ නැති රෙස්ට් හවුස් එකක්"
"පස්සෙන්දා නවත්තගෙන උයාගෙන කාලා බොන ගමන් පොඩි ආතල් එකක් ගන්න පුළුවන් වැවක්"
                                                             තත්වය එසේ වුවද අපි යාමට නියමිත ගමන පිළිබද මගේ ගමේ යාලූවෙකු හා නිකමට පැවසූ මොහොතෙදී ඔහු කීවේ යාල පැත්තෙ යනවනම් තෙල් ගාසාගෙන යාමට සෆාරි රථයක් සුදානම් කර දිය හැකි බවය. රස්තියාදුකාරයාද යාල කිසිදා නොගිය තැනක් බැවින් ද අනෙකුන්ගෙන් විමසා මුල් දින බුත්තල සහ දෙවන දින යාලට ගමන ස්ථිර කරගන්නා ලදී.                                                    
                                                පසු දා උදෙන්ම ගමන ඇරඹී‍ය. බොන ඒවා සර්වියට් පේපරේ සිට තිතටම ප්ලෑන් කොට තිබුණද. උදේට කෑමට ප්ලාස්ටික් පිගන් සෙවීමට මුළු ඇඹීලිපිටි නගරයම පීරන්න විය. එව්වා පාසලේ බන්ටි ටොපිය කා ගල් අරක්කු වලට ඇල් වතුර සැන්ඩි කර බීපු අපේ එවුන්ගේ සංවිධාන හැකියාව ගැන තවත් සොදුරු මතකයන්ය.

15 December 2016

ගූගල් සෙක්ස් කප් ගැසීමේ ඇත්ත කතාව - Sri Lanka ranks 1st in Google sex search in 2016


උදේම වෙල පහල සිරියාවතී අක්කාගේ කඩයට අපේ උන් ටික ගියේ වන්ඩුවක් කා කහට කෝප්පයක් බීමට නොව කඩේ පිටුපසට වී දුම් බටයක් ඇදීමට ය. එහි යන විටම සියාතු මාමා තුක් නොදකිඃ කියා කෙල පාරක් ගසා පහල ලන්දේ අඩි පාරේ යන්නට ගියාය. අපි ෆුල් හොල්මන්ය. දහසකුත් ප්‍රහෙලිකා මැද පෙට්ටි කඩේ දොරකඩට යත්ම සිරියාවතී අක්කා උන්දැගෙ සිරියාවන්ත දූ පොඩිත්ත වූ කුසුමා නංගීට
"පල කෙල්ලෙ ගෙට අර වල් හැත්ත එනවා" කියා ගෙට කලාය
පුදුම හරුපයකි.අපි ෆුල් අන්දොස්ය, කොටා ගේ ඇස් රතු වෙලාය, මරලියා ෆුල් අප්සෙට්ය, ඩිමා ඉක්කා ගසන ගමන්ය, බොන්ජා අඩන්න ඔන්න මෙන්නය.
                                           එකෙනෙහිම දැක්කෙ  සිරි ලංකාව ගූගල් වලින් සැක්ස් සොයා මුල් තැන ගසා ඇති බව ලොකු අකුරින් ලියූ පත්තරයක මුල් පිටුවකි. මමත් ඊට දායකත්වයක් ලබා දුන් නිසා සියුම් ආඩම්බරයක් දැනුනත්. මාගේ සංස්කෘතික සන්ධර්භය තුළ දස දහස් ගානක් පැරිණි ශ්‍රී ලංකාවේ ශ්‍රී විභූතියට සහ සදාචාරයට ඉන් හානියක් විය හැකි බැවින් මම ඉතා නිහඩව සහ නිහතමානීව එම සතුට දරා ගතිමි.
                                                      ඒත් සිකරට් එක ගෙන කඩය පිටි පස්සට ගිය අපේ එවුන් හෙන ටෝක්ස්ය. මාගේ අදහස වූයේ මෙය විදේශ කුමන්ත්‍රණයක් බවය. අනෙකුන්  කීවේ ද එය ටක්කෙටම එසේ වන්නට ඇත කියාය.

"සිරියාවතී අක්කා ෆුල් චාටර් වැඩක් බන් කලේ අපේ තුන් හිතකවත් නරක අදහසක් තිබුනද බන් ඔය ගැන"
''ඔව් බන් කුසුමා නංගි හරියට මගේ නංගි කෙනෙක් වගේ''
"ඒ වුණාට උබ ගිය සතියේ කුසුම නංගි ප්ලේන්ටිය ගේනකොට කාණුව දැක්කා කිව්වෙ" ඒ කොටාය
මම ඌට චූ යන්න ටොක්කක් ඇන්නාය

"මමනම් සිරියාවතී අක්කට සැලකුවෙ මගේ අම්මා කෙනෙක්ට වගෙ" ඒ මරලියා ය. සිරියාවතී අක්කා උන්දැගේ මනුස්සයා වන සයිමන් අයියාට හොද සැපක් දෙනවා ඇති යැයි ඇගේ පිරිපුන් පුළුලු කුල බලා මරලියා දිනක් කී කතාව මට මතක් විය. ඊටත් වඩා ඕකා එක්ස් හැමස්ටරේ ආසම කැටගරිය මේචර් සැක්ස් එව්වා කියාද මට මතකය. එහෙත් අවස්ථානූකූලව මරලියාගේ කතාවට එකත් පස්ව ඉද මම හිස වැනුවෙමි.

කොටා උස්සගෙන ආ පත්තර කරදහිය ද දෑතින් ගෙන ශ්‍රී ලංකාවේ තරුණ පරපුරේ වනචර කම පිළිබද එක සිතින් කම්පා වුණෙමු. එක අතකින් ගූගල් රිසල්ට් එක අනුව මෙව්වාට වැඩිහිටි පරපුරද වගකිව යුතු වේ. පත්තර කඩදහියේ තිබූ පරිදි තොරතුරු මෙසේය.

Sex ලෙස වැඩිම වාර ගානක් සොයපු රටවල් ටික

01. Sri Lanka
02. Ethiopia
03. Bangaldesh
04. Nepal
05. India
06. Pakistan

02 December 2016

සොමිබර උදෑසනක රේල්ලුවේ කාලකණ්නි ගැන ලියමි



"අඩේ හෙට ස්ට්‍රයික් එකක්ලු නේ බන්"
"ඔව් බන් කෝච්චි,බස්,ස්කූල් බස්, ත්‍රීවීල්.... ඔක්කොම ලග නවලා ස්ට්‍රයික්ලු"

ඒ අතරතුර මැදින් පැනපු ඇන්ටන් මාමා
"නැතුව නැතුව මෙහෙම කරල මදියි මුන් මේ ගහන බදු වලට,හුස්ම ගන්නවටත් බදු ගහනවා මේ කාළකණ්ණි තව ටික දවසකින්"  
ඔය ඔහොම කිව්වට මහින්ද මාමා මොන බද්දක් ගැහුවත් ඇන්ටන් මාමා සොවින් නොතැවී පස්සා දොරින්ම ගොස් ගෙවනවා ෂුවර්ය,පසුගියදා උන්දැගේ හාමිනේ ගේ මල බද්දයට ද උන්දැ දොස් පැවැරුවේ සූර සරදියෙල් මෙන් පෝසතුන්ගෙන් බදු ගසා දුප්පතුන්ට දෙන ඒ අහිංසක රවී මාමාටය.

"අනේ පලයන් යන්න බන් මාමේ යන්න........පට්ට නේ බන් එතකොට අපිට වැඩට එන්න එකක් නෑ කොටින්ම කිව්වොත් අපිට ෆුල් නිවාඩුවක්"
"ඇයි උඹලට නයි පයි කරගන්න වයි ෆයි දුන්නනේ" නැවතත් ඒ උන්දෑය,

උන්දැට තියෙන්නෙ බෙහෙත් දී හොද කළ නොහැකි වමේ අමාරුවක් බව කව්රුන් හෝ කීවා මතකය. වමේ ඇති මොකේද කියලනම් දන්නෙ නැත.උන්දැගේ සුව නොවන අසනීපය පිළිබද ශෝක බරිතව නැවතත් අපි කතාවේ යෙදුණාය

28 November 2016

මගේ පිලොසොෆිය


මතකද අර මන් "සුභ උපන්දිනයක් සහෘදයා" කියලා බ්ලොග් එකක් ලිව්වෙ මිත්‍රයෙකුට. ඕන දැන් මිනිහා බ්ලොග් එකක් පටන් අරන් "මගේ පිලොසොෆිය" කියලා.
                                       කොල්ලු පිටියේ රෙස්පා එකේ අපි දෙතුන් දෙනා බෝතල් හිස් කරමින් කතා කරපු ඒ යටගියාව. විදේශයක ජීවත් උනත් සයිබර් අවකාශයේ බ්ලොග් පිටු අතර දිග හරින්නයි මේ ඔහු සුදානම් වෙන්නෙ. වචනයෙන් පරිසමාප්තයෙන්ම ස්මාට් මනුස්සයෙකු වෙච්චි ඔහුගෙන් ජීවිතය ගැන වුණත් මන් ඉගෙන ගත්ත දේවල් බොහොමයි. යාළුවෙකුට එහා ගිය වචනයෙන් පරිසමාප්තයෙන්ම ඔහුගේ වචනයෙන්ම කියනවනම් "දෙකකුස උපන් සහෝදරයෙක්" තමයි ඔහු.
                                                      සුභ පැතුම් සහෘදයා.....දිගටම ලියහන්.... වයිෆරේට බොලොග් එක ගැන නොකියහන්..... පුළුවන් පුළුවන් කට්ටිය ගිහිල්ලා එන්න මේ උගේ පිලොසොෆිය.මේ යට තියෙන ලින්කුව ඔබලා යන්න.....

-රෝමාන්තික රස්තියාදුකාරයා-

22 November 2016

රනිල් හාමු ඇතුළු අනෙකුත් ගොන් තඩියොන්ගේ පිං පඩිය වැඩි කරමු


අති උතුම් රෝයල් පරපුරේ මාහේශාක්‍යය වු ද, ශෝභමාණීය වුද , ඩෙටෝල් දමා සුපිරිසිදු කල කක්කුස්සි පෝච්චියක් දිව ගා ලෙවිය හැකි තරම් විශ්වාසණීය පිරිසිදු චරිතයකට උරුමකම් ඇත්තා වූද අපගේ අග්‍රමාත්‍ය තුමාණන් තම බිරිදගේ පඩි පත ඉදිරියේ පත් වන අසීරුතාව පිළිබද කල හෙළිදරව් කිරීම හුදෙක් එතුමාණන් හට පමණක් නොව ගව ගාලෙහි සිටින අනෙකුත් ගොන් තඩියන්ගේද චිරස්ථීය උදෙසා වූ පරාර්ථකාමී මෙන්ම දැවන්ත හෙළිදරව් කිරීමකි....ඒ පිළිබදව පහන් සංවේගය පළ කරන අතර..... 
                                                                     එම හෙළිදරව්ව අනුව පහත සදහන් වැටුප් පරිමාණය ලබමින් ඔහුන් අන්ත දුක්ත කටුක ජීවිතයක් ගතකරන බව මේ වන විට සියළු දෙනාට නොරහසකි. 

 පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ මාසික දීමනා හා වරප්‍රසාද(රුපියල් වලින්)

මූලික වැටුප - 54 285
ඉන්දන දීමනාව- රු.15 000 - 65 000
කාර්ය මණ්ඩල වැටුප්- 80 000 - 100 000
දුරකතන දීමනා - 50 000
ප්‍රවාහන දීමනා -  10 000
සංග්‍රහ දීමනා - 1 000
පැමිණිමේ දීමනාව - 500 (එක් පාර්ලිමේන්තු රැස්වීම් වාරයකට සහභාගී වීම සදහා)
කුලී නිවාසයක් සදහා - 50 000

15 November 2016

මගේ හයිකු ව


මේරු රෑනක්
රන් ගෑ පහනක
වටේ නටති

කවියද? ඔව් තේරුමක් නෑ. තේරුමක් නැති ජීවිතේකින් තේරුමක් ඇති දෙයක් කියවෙන්න බෑනෙ. ඔව් මන් දැක්කා මේරු රෑනක් රන් ගෑ පහනක වටේ දුවනවා මත් වෙලා වෙන්න ඇති එළියට. කව්ද කිව්වෙ උඹලට උන් පිච්චෙනවා කියලා. උන් පිච්චෙන් නෑ වටේ දුවලා මහන්සි වෙලා හති දමාවි එච්චරයි. පිච්චුණු තටු අළු වෙලත් ඉවරයි.ඉතින් මොනවද උන්ගෙ පිච්චෙන්න තියෙන්නෙ.
                                                       කියවන්න උත්සහ කරපන් උන්ගෙ ජීවිතෙත්, කියවන්න බැරි නම් අඩුම ගානේ ඒ වෙලාව වෙන් කරගනින් උබේ ජීවිතේ කියවන්න, අනුන්ගේ නිරුවත හොයන්න ඉස්සෙල්ලා දැනගනින් උඹේ නිරුවත ඊටත් වඩා අපුලයි කියලා
                                                 උන්ගේ කතාව වැඩක් නෑ කෙල්ලෙ උඹ පරිස්සමින් ඉදහන්. මන් දන්නවා උබේ පරිස්සම් කරන්න දෙයක් නෑ කියලා.ඒත් පරිස්සමින් ඉදපන්. ඔය ආදරේ,මුදු , මාල, සීත රීයෙ සුවපහසුව උබ ගැන හිතලම නෙවෙයි, මොකක්? ඔව් උන්ට සල්ලි වලට උබටත් වඩා හොද එවුන් ගතෑකි තමයි ඒත් තේරුම් ගනින් මිනිස්සු කැමතියි සල්ලි මිශ්‍ර නැති ආදරේ සල්ලි වලට ගන්න.නෑ ඇත්තටම ආදරේ නෙවෙයි උබේ ඇග. කවියද? ආ ඒකෙ තේරුමක් තියෙනවා. තේරෙන් නැද්ද.? තේරුම් යන විදියට කියන්නද?

07 November 2016

සුන්දර පාසලේ කුඩේ යටින් ගිය මතක



පුංචිම සන්දියේ වැස්සට රොත්ත පිටින්ම එක්කවු වෙලා මඩ නාන්න,වැටෙන්න, ඇලේ බැහැලා මාළුන්ට දැල් දාන්න තිබුණේ පුදුම ආසවක්.සමහර විට මිනිස්සු ලොකු වෙනකොට ඒවා ටික ටික නැති වෙනවද කොහෙද. රස්තියාදුකාරයා දැන්නම් වැස්සෙ තෙමෙන්න ආස නෑ.ඒත් වැස්සට ආසයි පුදුම හිතෙන තරම්. අද උදෑසනම ධාරානිපාත වැස්සෙ කිටි කිටියේ ගුලි වෙලා පාසල් යන බාලිකාවෝ ටිකකුයි,කොල්ලො ටිකකුයි රස්තියාදුකාරයට මතක් කරේ සුන්දර පාසලේ සොදුරු මතකයන්.
                                                           මේ සිද්ධිය වෙන්නෙ රස්තියාදුකාරයා දහය වසරේදි වගේ ඔය කාලෙදි තමයි අර සමවයස් වල ප්‍රේම සම්බන්ධතා ඇති වෙන්න ගන්නේ.තැන් තැන් වල එක එක මුළු වල අත් අල්ලන් කතා බහ කරන්න ගන්නෙ. ඒ වගේම ඔළුවෙ ජෙල් ගාලා, උල් සපත්තුව පොලිෂ් කරල, කලු පාට මේස් වලින් අයින් වෙලා ලෝකල් මාකට් එකෙන් ගහන Adidas,Reebok වගේ නම් වල අච්චුව ගහපු සුදු පාට මේස් වලට මාරු වෙන්නෙ,  ඉස්කෝලෙන් දෙන නිල් පාට රෙදි වලට සමුදීලා. සේන අයියගේ ටේලර් ෂොප් ඒකෙන් කලු පාටට හුරු තද නිල් පාට කොට කලිසම් අදින්න ගත්තෙත් ඔය කාලේ,කලිසම තියෙන්නෙ ඉනෙන් පොඩ්ඩක් පල්ලෙහාට වෙන්න. ඒ වගේම දන හිසත් සම්පූර්ණයෙන්ම වැහෙන්න. කමී‍සය බැගී දාල දාන් එන එක අපේ කාලේ අවුට් ඔෆ් පැශන් අපේ කාලේ ජංගි කොටේට තමයි ෂර්ට් එක යට කරගන්නෙ.එතකොට කමීසෙ උඩ එනවා බොරු.
                   අපිට සාපේක්ෂව ගැහැණූ ළමයින්ට ඒ නිදහස අඩුයි. කොල්ලොන්ට වඩා කෙල්ලො කොහොමත් හිටියේ කන්ට්‍රෝල් එකක. හැබැයි අර ඉන ගාව තියෙන පටිය හැලෙන්න ඇදපු ගැහැණු ළමයිනුත් නොහිටියම නොවෙයි. කොහොම වුනත් ගැහැණු ළමයිනුත් ගවුමේ රැලි පිළිවෙලට තියලා, පිරිසිදුව එන්න පටන් ගන්නෙ ඔය කාලේ.
                                     ඔය කාලේදි අපේ පන්ති වල හිටියා පුදුම තරම් ලස්සන කෙල්ලෙක්, අදටත් එහෙමයි, එයාගේ මුහුණ විතරක් නෙවෙයි අග පසග වුනත් පුදුම තරම් ලස්සනයි.සුදුම සුදුයි, තරමක් උසයි, අපිට පේන කිසිම තැනකවත් අල්පෙනෙත්තක් තරම්වත් කැළලක් නෑ.හම්මේ...... ඒ ලස්සන මතක් කරද්දි හිත නිකන් පිරිලා යනවා. අපේ වයසෙ හිටපු ලස්සනම ගෑනු ළමයි දෙතුන් දෙනාගෙන් කෙනෙක් ඒ. දන්න කාලේ ඉදන්ම හරිම ආඩම්බරයි. උපතින්ම සශ්‍රීක මිළ මුදල් යහමින් තිබුණු පහුලක ඉපදුණු තැනත්තියක්. කොල්ලෙක් එක්කවත් කිසිම කතාවක් නෑ, මොකක් හරි ඇහුවොත් උත්තර දෙනවා එච්චරයි.

31 October 2016

ශ්‍රී සුමන සමන් දෙවියන් සහ විහාරාධිපති ස්වාමීන් වහන්සේ


බෞද්දයින්ගේ අති සංවේදී පූජණීය ස්ථානයක් වන ශ්‍රී පාදස්ථානය අවට රක්ෂිතය මේ වන විට හෝටල් කර්මාන්තය උදෙසා වන ඉදිකීරිමක් සදහා විකුණා ඇති බව අපි සැවොම දන්නා කරුණකි. ඊට අප විරුද්ධ විය යුත්තේ බෞද්ධාගමික පදනමකින්ම නොවිය යුතුය.මන්දයත් ඕක විකුණපු එවුන්ට මෙන්ම මිළදී ගත් එවුන්ටද ආගමක් අවශ්ෂ්‍ය නැත. ජායාරූප වල සිටි මරක්කල උන්දැලෑද ෆුල් ඇරබියන් කිට් මරා සිටියද දවසකට කැතලික් බඩු හත අට පාවිච්චි කරන්නෝ වෙතැයි සිතමි.උන්ට දෙවියෝ කීවද නැතද උන් ඒවා කරති. එය විකිණපු සිංහළ අමු බෞද්දයෝ ද එපමණකි.
                                        ශ්‍රී පාද විහාරස්ථානධිපති ස්වාමින් වහන්සේ ඉකුත් දිනයකදී මාධ්‍ය සාකච්චාවක් පවත් වමින් කී අමුතුම කතාවෙන් කියවුනේ උන්වහන්සේ ප්‍රමුඛව ශ්‍රී පාදස්ථානය බොහොම දාඩිය මහන්සියෙන් ගොඩ නැගූ බවයි.අහෝ දුකකි තිතකි.........අඩියක් අඩියක් ගානේ සමන් දෙවියන් විකුණාගෙන කමින් මිනිසුන්ගෙන් සල්ලි අන්තිම තුජ්ජ ආකාරයට ගසා ගෙන කන ශ්‍රී ලංකාවේ පහත්ම ආකාරයේ පරිපාලනයක් ගෙනයන්නෙ උන් වහන්සේගේ අඩවියේය.
                             
 කිරිකොඩු,දඩු කෝඩු යැයි කියමින් සමන් දෙවියන්ගෙන් ආශිර්වාදයක් නොමැතිව ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමෙන් සමන් දෙවියන් දඩුවම් කරතැයි පවසා අහිංසක බැතිමතුන් බය කොට සල්ලි ගරා ගනිති.එහෙත් සමන් දෙවියන්ට අර මරක්කල උන්දැලට මොකුත්ම කරන්ට බැරි විය. සැදැහැවත් සිංහළ බෞද්දයන්ගෙන් කුඩා ඇවඩක් වුවත් දඩුවම් දෙන සමන් දෙවිදූගේ තේජස ඔහුන්ට නොපෙන්වන්නේ ඇයි දැයි නොදනිමි. අනෙක් කාරණය සෝවාන් ඵලය ලබා ගත් සමන් දෙවිදුන් මිනිසුන්ට දඩුවම් දෙන ආකාරය මා නොදනිමි.නමුත් ඒ ක්‍රමය උන්වහන්සේලා දන්නවා විය යුතුය.තවද භික්ෂූන් වහන්සේලා පිරිසක් එක්ව තව තැනක පූජා භූමියේ ප්‍රතිසංස්කරණ කටයුතු සදහායැයි කියමින් පිරිත් නූල් විකුණයි.කහ නූල රුපියල් පනහකි,රතු නූල රුපියල් හැත්තෑවකි,සුදු නූල රුපියල් සීයකි මේවාද උන්වහන්සේගේ අප්‍රතිහත කැප කිරීම් තුළින් එලිදැක්වූ අලෙවිකරණ සංකල්ප විය යුතුය. නමුත් උඩ මළුවට යනතෙක් සිද්ධාලේප වෙදමහත්යත්.වෙන්ඩෝල් වෙදමහත්යත්,මහජන බැංකුවත්........ ආදී ව්‍යාපාරිකයින් හැර විහාරස්ථානය කළ ප්‍රතිසංස්කරණයක් දක්නට නැත.
   

26 October 2016

බාලිකා ළමා නිවාසේ කාලගෝට්ටිය


පහුගිය දවසක මමයි තව යාලුවෝ දෙන්නෙකුයි හැන්දෑයාමේ වෙරළට ගියේ ඒ සිසිල් මද නල විදිමින් පොඩි කතාවක් දාන්න.කොහොමත් සෙනසුරාදට, ඉරිදට හැමදාමත් වගේ හවස් වෙනකොට ඒ පැත්තට ඇදෙන්නෙ නොදැනුවත්වම වගේ.හරියට නිකන් මලට ඇදෙන කොල්ලො වගේ බඹරු වගේ.එතන උන්නු එකෙක් අපේ ගමට පොඩ්ඩක් දුරින් තියෙන බාලිකා ළමා නිවාසෙක උත්සවයකට ගිහින්.මොකද මිනිහා අපේ ගමේම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී කෙනෙක් නිසා දවසකට ඔය වගේ උත්සව දෙක තුනකටවත් යනවා.ඒත් ඉතින් මිනිහා එතන උන්නු ළමයි ගැන බොහෝම සංවේදි වෙලා ඕන ඒ ආගිය කතා අපිත් එක්ක බෙදා ගන්නවා
                                                          ඒ අතර අපි කතා කරේ ඔහුන්ට හැම සැප සම්පතම තිබුනත් "ඔහුන්ගේ ජීවිතයේ ඔහුන් වෙනමම කොටසක් ලෙස ඔහුන් තනි වෙලාය" යන සිතුවිල්ල තුළ ඔවුන් ජීවත් වෙනවා කියලා. මොකද ඔහුන් හැමදෙනාම ආවෙ මන් ගියපු පාසලටමයි. මගෙ පන්තියෙත් කිහිප දෙනෙක්ම හිට්යත් ඔහුන් සමාජශීලී වෙන්නෙ අතිශයින්ම දුර්වල විදියට උදාහරණයක් විදියට පොඩි කාලේ ඉස්කෝලෙදි හැම කොල්ලම කෙල්ලම ගෙදරින් හොරෙන් ගෙනැල්ලා හරි ඉල්ලා ගෙන ඇවිල්ලා හරි රුපියල් පහට දහයට වෙරළු, සියඹලා, අයිස් චොක් වගේ ඒවා කනවා
                                                        ඒත් ළමා නිවාසේ ඉන්න ළමයින්ට කවදාවත් එහෙම කරන්න සල්ලි පාලිකාවන් ඒ ළමයිගෙම අතට  නොදුන්නේ ඒ ළමයිගෙම යහපත ගැන හිතලා උනත් ඔහුන්ට ජීවිතයේ ඒ තැන් තදින් දැනෙන්න ඇති.අනිත් හැම ළමයම එක වගේ බවත් ඒත් තමන් වෙනස් පිරිසකට අයත් බවත් හැගෙන්න ඇති. ඒ නිසා අපි දෙයක් දුන්නත් ගන්නෙ නෑ.ටික කාලයක් යද්දි මට හොදටම තේරුණා ඔහුන්ට අනුකම්පාව දක්වනවට ඒ ගෑණු ලමයි පොඩ්ඩක්වත් කැමැති නැති විත්තිය.
      ශෝකයෙන් සලිතවෙලා සංවේදි බවෙන් අන්ධ වෙලා ඉන්න මොහොතේ මාත් මගේ මහපරිමාණ සිතිවිලි වදන් කරලා දිග හරිනවා.

18 October 2016

සහෘදයා සුභ උපන්දිනයක්


අද උදේම විශ්මි ඇවිල්ලා මගෙන් ඇහුවා අද මදුසංක අයියගේ බර්ත් ඩේ එක නේද කියලා. උබ කොහොමත් දන්නවා මට ඕවා මතක නෑ කියලා. බුකියට ගිහිල්ලා බැලින්නම් වැඩේ ඇත්ත.මට මතක් උනා උබ අද  ඔෆිස් එකේ හිටියනම් මොන වගේ ද කියලා. ඇත්තමයි බන් කියන්නේ උබ නැතිව ගොඩක් පාළුයි. ඒත් උබ රට ඉදන් කෝල් එකක් ගත්තම මන් නම් කියන්නේ උබ නෑයි කියලා ගානක්වත් නෑ බන් කියලා. උබ නැති හින්දමද කොහෙද වැඩ ටිකත් හොදට වෙනවා කියලා.
                                                      හැමදාමත් වගේ උබ හරි සහෝදරයා ජීවිතේ හරිම සින්තැටික්.විදේශයක ජීවත් වෙන උබට සුභ උපන්දිනයක් කියලා viber කරද්දිත් හිතටත් නිකන් මොකද්ද වගේ බන්.වෙනදටනම් උබේ වචනෙන්ම කියනව වගේ ලාවට මොකක් හරි කරලා යහපාලනයෙන් පටන් අරන් රුසියානු විප්ලවේ වෙනකම් කතා කරලා නදීක ගුරුගේ ගේ සංගීතයේ ව්ශ්වකර්ම තැන් ගැනත් කතා කරන්න තිබ්බා.ඇයි වික්ටර් රත්නායකගේ සුගායනයට මුසු වුනු ප්‍රේම කිර්තියන්ගේ පදවැල්, ඔක්කොටමත් වැඩිය ලෝක අර්ථික අර්බුදය හා පෙට්ටි කඩේ ප්ලේන්ටියේ පාලන මිල. හැමදාම ලයින් දාන HSBC එකේ බැදපු අක්කිගේ(උබට නංගි) චීස් පාට සුන්දර ලලිත සිරුර,

11 October 2016

මුස්ලිම් ඇන්ටි කෙනෙක්ට ලව් කළෙමි - 3 කොටස

කොහොමින් කොහොම හරි රස්තියාදුකාරයාට මේ අනපේක්ශිත පෙම් ඇරයුම ලැබුනත්. රස්තියාදුකාරයගෙ සිත දැන් තරමක් නොසන්සුන්.ඇයි ඉතින් මොකද්ද දැන් ඉදිරියට වෙන්නෙ කියලා ලොකු කුතුහලයක් තමයි රස්තියාදුකාරයට තිබුණේ. ඒත් මේ තාක් දේවල් අනාරාධිතව පැමිණියා වගෙ.ඒ සිදුවීමුත් අනාරාධිතවම වෙයි කියලා රස්තියාදුකාරයා හිතන්න ගන්නවා.ඔන ඔය දවස් වලට ආසන්න දවසක තමයි අලුත්ගම දර්ගා නගරයේ ස්වාමින් වහන්සේ නමක් වැඩම කළ මෝටර් රථ‍යේ මඟ අවහිර කිරීම නිසා මුස්ලිම් තරුණ කණ්ඩායමක් එක්ක එම පිරිස ආරවුලක් ඇති ඇති කරගත්තේ. 
                                                              ඇය සමග දුරකතනයෙන් දවසක් දෙකක් කතා බස් කළත් ඇයගේ රජකාරීමය අවිවේකීභාවය සහ මා ඒ වන විට යම් විභාග කටයුත්තක් සමග අවිවේකි වී සිටීම නිසාත් දවසක් දෙකක් නොදැනීම වගේ ගත වුණා.ඒ අතරතුර කාලයේ දුරකතන ඇමතුමක්වත් ගැනීම රස්තියාදුකාරයාට අතපසු වුණත්. ඇයනම් නොවරදාවාම දිනකට එක වරක් හෝ ඇමතුමක් දෙනු ලැබුවා. මේ අතරතුර තමයි අලුත්ගම නගරයේ සිට දර්ගා නගරය බලා සිංහල බෞද්දයින් පිරිසක් පෙළපාලියක් යනු ලැබුවේ. ඉතින් මෙම පෙළපාලිය මහා ගැටුමක් වෙලා.අපේ ඉතිහාසය නැවතත් අදුරුකරන්න සමත් වුණු හැටි හැමෝම දන්නවා.

03 October 2016

මුස්ලිම් ඇන්ටි කෙනෙක්ට ලව් කළෙමි - 2 කොටස


              සුමානයක් ගතවෙන්න ඉස්සෙල්ලා රස්තියාදුකාරයා මේ ගැටළුව ඉදිරිපත් කරේ මේ සම්බන්ධ විශේෂඥ දැනුමක් තිබුණු ගමන් සගයෙක්ට.ඔහු තමයි මා ජීවිතෙ දකින ලද ගැහැණිය සම්බන්ධ විශාලතම සමත්කම් රාශියක් සමත් කොට ඇති පුද්ගලයා.අතිශය කඩවසම් පුද්ගලයෙකු වන ඔහුගේ බැලීමට පවා කාන්තාවන් නිරුවත් වන බව තමයි අපි කථාවට කියන්නෙ. මනෝ විද්‍යාව සම්බන්ධ කොපමන විද්වතෙකුටවත් ඔහුට ගැහැණිය සම්බන්ධව ඇති කියවීමෙන් දශමයකදු ඇතැයි රස්තියාදුකාරයා සිතන්නෙ නෑ.කෙසේ හෝ සියළු දෑ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඔහුගේ අදහස ව්‍යවහරික භෂාවෙන්ම කිව්වොත්

"ඒකී ලයින් එක තමයි දෙන්නෙ, උබ ගිහින් ටෝක දාපන් " යන්නයි....
ඒ විතරක් නෙවෙයි යන විදිය කතා කරන්න ඕන මාතෘකාව පවා නොදරුවට කියලා දුන්නෙ ඔහුම තමයි.

                                                                          පහුවෙනිදා අතිශය රහසිගතව දැන් රස්තියාදුකාරයත් එයා දිහා බලනවා.හැමෝටම හොරෙන් දැන් රස්තියාදුකාරයත් බරටම වැඩ.ස්ටේශමක් දෙකක් යනකොට සෙනග ටික ටික වැඩි වෙනවා.පර්දාවට වැහුණු ඒත් හොරෙන් බලන ඒ සුන්දර මුහුණ දිහා රස්තියාදුකාරයා දැන් වෙනදට වඩා ලොකු විශ්වාසයකින් බලනවා. එහෙම පොඩි වෙලාවක් යනකොට සෙනග වැඩි හින්දා එතනට වාඩි වෙන්න එන්න කියලා ඇය කියනවා.දුරින් ඉදන් ඇහෙන නොඇහෙනෙන විදියට.රස්තියාදුකාරයට ඉබ්බා දියේ දැම්මා වගේ රස්තියාදුකාරයා එතනට කිට්ටු වෙනවා.ඇය වාඩි වෙලා හිටපු ආසනයත් දෙනවා.එත් එතන හිටපු කට්ටියත් එක එක විස්තර අහනවා.ඇයි ඉතින්  එක දුම්රිය මැදිරියෙ ගියාට කවදාවත් සමීපව කතා කරලා නෑනෙ. අර අක්කත් නැගිටලා එයාගේ පාඩුවෙ යනවා.දැන් රස්තියාදුකාරයට ආපු වැඩේ කරගන්න බෑ.මුල් දවසෙන්ම කරගන්නත් ඕනෙ තව දවසක් මෙතන ගියොත් අපේ සෙට් එකේ එවුන්ට අනිවා මාට්ටු වෙනවා.අන එතකොට රස්තියාදුකාරයට ආව ටිකිරි මොලේ

28 September 2016

මුස්ලිම් ඇන්ටි කෙනෙක්ට ලව් කළෙමි - 1 කොටස


                                                              අද නවකතාවක්, කෙටි කතාවක් තියා කවියක්, නිසදැසක් බැලුවත් තියෙන්නෙ පරම පිවිතුරු, අකලංක, පුජණීය ආදර කතා. ඒ මොකද මිනිස්සු කැමැතියි සුදු චරිත වෙන්න.නොමැතිනම් වැදගත් මහත්වරු වෙන්න,නෝනාවරු වෙන්න. ඒ මහත්වරුන්ගෙන් සහ නෝනවරුන්ගෙන් පිරුණු ලෝකයේ හරිම සින්තැටික් බවක් තමයි රස්තියාදුකාරයට දැනෙන්නෙ. බොරුවෙන් දුවන ඇත්ත වසන් කරන ලෝකය තුළ තියෙන්නෙ පුහු ආත්ම වින්දනයක් පමණයි. එදිරිවීර සරිස්චන්ද්‍රයන්ට වඩා මාර්ටින් වික්‍රමසිංහයන්ට, සයිමන් නවත්තේගමයන්ට රස්තියාදුකාරයා තාමත් පන මෙන් ආදරේ කරන්නේ ඒ නිසා.
                                                 සංහිදියාව ගැන දහසක් දේ කියවෙන කාලෙක රස්තියාදුකාරයා සංහිදියාව කියන දේ ක්‍රියාවෙන්ම ඔප්පු කරලා පෙන්නුම් කරපු කථාවක් තමයි මේ  කථාව පටන් ගන්නෙ රස්තියාදුකාරය දුම්රියෙ යන්න පටන් ගන්ත මුල්ම කාලෙන්.රස්තියාදුකාරයා මුලින්ම හදුනන්නෙ නැති වුවත් පසුව අතිශය හෘදයාංගම බැදිමක් ඇති වූ සමූහයක් නොමැති නම් සෙට් එකක් මේ දුම්රිය තුළ වූණා.අපි හැමදාමත් යන්නෙ පුරුදු තැන.ඒක හරියට ලියල දීපු තැනක් වගෙ වෙන කවුරුත් අපි ඉන්න තැනට එන්නෙත් නෑ අපි කව්රුත් වෙන සෙට් ඉන්න තැන් වලට යන්නෙත් නෑ.දුම්රියෙන් තම රැකියාවට යන්න පුරුදුවෙලා ඉන්න අයටනම් මෙක අළුත් දෙයක් නෙවෙයි.
                                           එවැනි සමූහ රාශියක්ම හැමදාමත් අපි යන දුම්රිය මැදිරිය තුල වෙනවා.ඒ අතරින් අපි සිටින කොටසට පිටුපස පැත්තට වන්නට යම් සැලකිය යුතු දුරකින් තවත් සමුහයක් අපි මෙන්ම සතුටු සාමිචියෙ ගිලෙමින් සිනා සයුරෙ කිමිදින් යනවා ඔහුන්ගෙ ඔය හක හක හිනා සද්දෙ මුළු පෙට්ටිය පුරාවටම වුනත් රැව් පිළිරැව් දෙන්න සමත් වෙනවා.ඔහුන්ගෙ නෙවෙයි කොයි කාගෙ හිනාවටත් ඕක ඇතුළෙ මැනස් කියල දෙයක් තිබුනෙ නෑ.ඔන ඔතන හිටිය මැදිවිය නොඉක්මවූ මුස්ලිම් කාන්තාවක් රස්තියාදුකාරයා දිහා මේ කාන්තාව යම් ව්මසිලිමත් ස්වරූපයකින් බලන බව රස්තියාදුකාරයට දවස් දෙක තුනකින්ම වැටහුනා. උදාහරණයක් විදියට දුම්රියට ගොඩ වුණු ගමන්ම "ගුඩ් මෝර්නින්ග්" කියන්න කොච්චර දුරක හිටියත් ඇය පුරුදු වෙලා හිටියා.හරියට රස්තියාදුකාරයා ගොඩවෙනකම්ම බලන් ඉදන් කියනව වගෙ ස්වරූපයක් තමයි එතන තිබුනෙ. ඒ වගෙම ඇය පර්දාවට මුවා වෙළා සෙනග අතරින් උනත් මාත් එක්ක කිහිප පාරක්ම හිනා වෙනවා. වයසින් වැඩි කාන්තාවක් වුනත් පර්දාවට මුවා වෙලා ඇය සිනහා වෙනකොට එතන තිබුනෙ අමුතුම හැගීමක්.

29 August 2016

අට වසරෙදී පන්තියට අළුතින් ආපු මිස්


රස්තියාදුකාරයා පහුගිය දවස් ටිකේ හිටියේ විභාගයක් එක්ක.ඇත්තම කිව්වොත් අපේ අධ්‍යාපනය කියන්නේ පට්ටම අවුලක්. මොකද කිව්වොත් අපේ ව්භාග ක්‍රමේදි බලන්නේ මිනිහෙක්ගේ යම් විෂයක් සම්බන්ධව තියෙන හැකියාව නෙවෙයි.ඌට එ සම්බන්දව තියෙන මතකය.කොටින්ම කිව්වොත් ඇත්තටම විභාග වලින් ගොඩ යන්නේ හොද මතකයක් තියෙන උන්. සැබෑ හැකියාව තියෙන උන් හැලෙනවා.හුගක් වෙලාවට සා.පෙළින්ම ඌ හැලෙනවා.
                                                           අපේ සා.පෙළ පන්තියෙදි හෙන කාලෙක ඉදන් ගණන් වලට වැඩිම ලකුණු ගත්ත කොල්ලෙක් හිටියා.හිත හොද කොල්ලා රස්තියාදුකාරය වුනත් බැරි දෙයක් අහගන්නේ උගෙන් තමයි.අපි ඌට සමන් කියමු සමනට මිස්ලා සර්ලත් පට්ට ආදරෙයි.උගෙ අම්මයි තාත්තයිත් ගුරුවරු ඉතින් අපේ පන්ති‍යේ ගණන් නම් සමන්, සමන් නම් ගණන් තමයි හැබැයි මන් දැකලා තියෙනවා  ඔය එක එක බාහිර වැඩ වලදී මෑන් ගණන් පල හිලව් එකතු කරන්න ගියාම කැල් එකක් අරන් ගහනවා.හැබැයි ඌ මොනවා වුණත් ගණන් වලින් විතරක් නෙවෙයි අනිත් විෂයන්ගෙනුත් හොද ලකුණු ගන්න දක්ෂයෙක්. ඒ වගේම අපේ පන්ති‍යෙ හිටියා තවත් හොද කොල්ලෙක් හැබැයි ඌට සමන්ට වගේ ඉගෙන ගන්න බෑ සමන් වැඩිපුඅරම පන්තියේ ඇතුලේ හිටියට මූ නම් ඉන්නේ එළියෙම තමයි.
                                                                          හැබැයි එහෙම කියලා සමන් කියන්නේ පන්තියේ ඇතුළෙම හිටපු පොත් ගුල්ලෙකුත් නෙවෙයි.උගේ අම්මලා අපේ පාසලේම ගුරුවරු වුණු නිසාමද කොහෙද සමනා එලියට බහින්නේ ඉන්ටවල් එකට විතරයි.ඒකට මන් කියපු අනිකා අපි ඌට ලේසියට පියල් කියමු. නොයෙකුත් මත්ද්‍රව්‍ය වර්ග  සහ භාවිතය පිළිබද ඌට තිබුණේ  පාසල් කාළේ ඉදන්ම හසල දැනුමක්. අපි ඔය මොකක් හරි අසම්ජ්ජාති වැඩකට ගොහින් ගණන් හිළව් එකතු කරද්දි පියලා තමයි ඉදිරියෙන්ම ඉන්නේ උදාහරණයක් විදියට මෙහෙමයි කට්ටිය සෙට් උණාම ගල් බොතල් ඒක හමාරකට 1050 යි බයිට්  පැකට් එකට අච්චරයි , ගල් ගහන් නැති උන්ට ගන්න බියර් බෝතල් දෙකට මෙච්චරයි, කියලා අන්තිමට "අඩො රුපියල් හැත්තපහක් අඩුයි.සැන්ඩි වලට ටැප් එකේ පිහිට තමයි" කියලා ඌ ඔප්ෂන් එකත් අපිට දෙන්නේ බස් එකේ යන්න තියෙන අන්තිම රුපියල්  පහත් අපි ඔක්කොම සම්මාදම් කරා කියලා ඌ දන්න නිසා.

10 August 2016

රස්තියාදුකාරයා ගැන

අදත් උදේම මන් දුම්රිය පොළට ගොඩ වුනා ඒ මොකටවත් නෙවෙයි රැකියාව සදහා පිටත් වෙන්න.රැකියාවක් කියලා කිව්වට මේ එහෙම ලොකු රැකියාවක් නෙවෙයි යහළුවෙකුට, නෑදෑයෙකුට තියා ගෑවිච්ච් එකෙකුට කටක් ඇරලා ගන්න පඩිය කීයද කියලා නම් කියන්න බැරි හැබැයි කට පිරෙන්න කොළඹ රස්සාවක් කරනවා කියලා නම් කියන්න පුළුවන් එකක්.ජීවිතේ පටන් ගන්න ඕන අන්තිම අඩියෙන්ලුනේ මාත් එහෙම තමයි හැබැයි පොඩි ප්‍රශ්ණයකට තියෙන්නේ අවුරුදු ගානක් තිස්සේ තාමත් අඩියෙම තමයි.ගොඩ යන්න ඕන.හීන ගොඩක් තියනවා බොරු කියන්න ඕනෙ නෑනෙ මගේ ජීවිතේනම් සුන්දර නෑ පට්ට කට්ටක්.කටු කාලා තමයි ලු ගොඩ යන්න ඕන ඒත් තාම ගොඩ යාම නම් අහලකවත් නෑ.මේක තමයි මගේ ජීවිතය ඒ ජීවිතය ඉදිරියට උබලත් එක්ක බෙදාහදාගන්නයි මේ සුදානම් වෙන්නේ.කොහොමත් මේ මගේ පළවෙනි බොලොග් සටහන