13 December 2017

විධායකයට පුප පෙන්නමින් අමන වර්ජකයෝ තවදුරටත් වර්ජනයේ


                                                මෑත කාලීනව අතිශය පීචං වූ වෘත්තීය සමිති දෙකක්  වෙයි. එකක් වෛද්‍ය සංගමයයි. ඔහුන් රෙදි ගලවා ගත්තේ අන්ත අසාධාරණ ලෙස  තම දරුවන් ජනප්‍රිය පාසල් වලට ඇතුලත් කරගන්න යාමෙන්ය. ඊට අකිල විරාජ් යම් මට්ටමක කොන්දක් තියාගෙන සිටියාය. ඉන් පසුව රෙදි ගලවා ගත් අනෙකුත් සංගමය වන්නේ රේල්ලුවේ වෘත්තීය සමිති එකතුවයි.එහෙත් අදාළ ඇමැති කුම්භකර්ණයානම් මාධ්‍යට අඩුමගානේ මුහුණ දෙන්නේවත් නැත.
                                        රේල්ලුවේ සක්කිළි වර්ජකයින් කොතරම් කුප්ප ලෙස තම නිරුවත් භාවය ප්‍රදර්ශනය කරන්නේද යත් සා.පෙළ ට මුහුණ දෙන ලක්ෂ හයක සිසුන් ඔහුන්ගේ බිල්ලක් ලෙස තබා ගනිමින් ඔහුන් අතිශය කුහක,අශිලාචාර සහ පහත් ලෙස මෙම වැඩ වර්ජනය මේ වන විට හත්වන දවසත් සම්පූර්ණ කරමින් සිදු කරයි. ඉහත සංගමය අමු කාලකණ්ණි සංගමයක් වන්නේ. මෙතෙක් කිසිවෙක් නොකළ අයුරකින් අන්ත අසාධාරණ ඉල්ලීම් මුල් කරගෙන ස.පෙළ සිසුන් බිල්ලට තබා ගැනීම නිසාය.
                                                     කොළඹ සහ ඉන් පිටත නගරබද තදාසන්න  ප්‍රදේශවල සිටින ළමුන්ට දුම්රිය තම ප්‍රවාහන මාධ්‍ය ලෙස යොදා නොගත්තද මින් අතිශය විශාල පීඩාවක් ක්‍රම දෙකක් හරහා සිදුවෙයි.එනම්.

11 December 2017

පෙදි මාස්ටර්ගෙන් කොන්ද පන ඇති තීරණයක්

                                         
                                                     දවස් පහක් තිස්සේ පවතින දුම්රිය වැඩවර්ජනය හේතුවෙන් රස්තියාදුකාරයා සිටින්නේ හොදටම හෙම්බත්වය.ඉකුත් සෙනසුරාදා බොලොග් ලිපියක් ලීවීමට සූදානම් වූයේ පවතින වැඩ වර්ජනය ගැන නවුතෙට එපාවී සිටි උදෑසනකය. එනම් ඒ පසුගිය සෙනසුරාදාය. ඒහි මාතෲකාව වූවේ "කෝච්චියක් වත් දුවවගන්න බැරි පෙන්දන්ගේ ආණ්ඩුවක්" යන්නය. මොකද අහවල් රජතුමාගේ කාලේ නම් පැන්ශොන් ගිය අන්කල්ලාගේ සිට හමුදාවෙ අයවලුන් හෝ පාවිච්චි කොට මුල් දවස අල වුවත් දෙවැනි තුන්වැනි දින වල ට්‍රේන් ටික ලස්සනට දිවෙව්වාය. 
                               එමෙන්ම මෛත්‍රීපාල යනු තමන් සමගවත් මහ ලේකම් තනතුරට ඉල්ලා එය දිනාගත නොහැකි වූ පෙන්දෙක් නොව පෙදි මාස්ටර් කෙනෙක් බව ඉකුත් ජනාධිපතිවරණයේදී කිව්වේ වර්ථමාන මෛත්‍රීපාල ජනාධිපති තුමන්ගේ රජයේ සමාජ සවිබලගැන්වීමේ සහ සුභ සාධන අමාත්‍ය එස්.බී දිසානායක මැතිතුමාය.
                       ඒත් සෙනසුරාදා ලිපිය ලියන ගමන් දවසේ පත්තරය බැලුවයින් දැක්කේ දෑස් අදහාගත නොහැකි ප්‍රවෘත්තියකි. සිරිසේන තුමානෝගේ ලගදිම ගන්නවැයි ගන්නවැයි කිය කියා නෝන්ඩි වී හද්ද පීචං වූ දැඩි තීන්දු හමූවේ. එය කිසිසේත්ම සිතාගත නොහැකි ප්‍රවෘත්තියක් විය. කෙසේ වෙතත් එහි වූවේ දුම්රිය සේවාව අත්‍යාඅවශ්ෂ්‍ය සේවාවක් කිරීමය. ඊටනම් විසිල් පිට විසිල් ගැවුවත් මදිය.

30 November 2017

වහින වැස්සේ ඇගේ ලස්සන


වැස්සේ දුවන කලබල ඇති ඒ සොදුරැති ලදුන
වීදුරුවෙන් දැක්කෙමි ඒ නුඹේ විසුරුණු සොදුර
හිස සිට දෙපතුළටම ඇති රස නුබේ මී වැනිය
සීතල පිනි කැටද උණුසුම්....නැත්තම් ඒ....මගෙ සිතද.......

හැට්ටේ එතුණ සිහින් නූලේ සමනොල ගැටය
තෙත් වුණු නූලෙන් පිට වැගිරෙයි බිදු මුතු වැනිය
පිටත දිගෙ ගොස් සැගවුණු දග ඇති ඒ පිනි බිදුව
තිසරු දිගේ නොගියා සොදුර යන්තම් ඇතිය

ලියතඹර මලක කැටයමකි නුඹේ පිටු පැත්ත
සිහිනැති ඉගත් එක්කළ නුඹේ පිරුපුන් පුන් කලස
තෙත් වී කිටි කිටියේ හිරවී සාරියත් තදටම සිරව
ඒ දැක දැකත් නූබ දෙස නොබලන ඇස් තව මොකට

13 November 2017

කූඹියෝ යකෝ ඒක පට්ට - Koombiyo Teledrama



                                               ෆේස්බුක් එකේ කනින් කොනින් කූඹියො කියලා ඇහෙන්න පටන් ගත්තට මන් එච්චර උනන්දුවක් උනේ නෑ. පසුගිය සතියේ මාත් ඔන ඔහේ koombiyo කියලා ගූගල් එකේ ගහල බලන්න ගියා ඔන ඕක. ඔන ඔහේ ගියාට බන් පටන් ගන්න මියුසික් එකත් නිකන් අමුතුම වර්ගයේ එකක්. පොඩ්ඩක් බැලුවා මොකද වෙන්නෙ කියලා. හප්පට සිරි මුල්ම සීන් එකේ ඉදන් කොච්චර කූඹියොන්ට ඇබ්බැහි වුනාද කිව්වොත් පහුගිය සදුදා අගහරුවාද දවස් දෙකේම පහුගිය කොටස් විසි දෙකම එක හුස්මට බලලා ඉවරයක් කරා.
                                       ඇත්තටම දුක කූඹියෝ බලන්න මෙච්චර පරක්කුවෙච්ච එක නෙවෙයි තව පරක්කු වෙන්න බැරි උනේ ඇයිද කියලා. ඇයි දෙයියනේ. එහෙනම් සීරියස් එකම සම්පූර්ණයෙන්ම ඩව්න්ලෝඩ් කරලා ආතල් එකේ බලලා ඉවර කරනවනෙ. දැන් ඉතින් තැප තැප ඉදපන්කෝ ඊලග සෙනසුරාදා ඉරිදා වෙනකම්.
                                   මෙහෙමයි බන් මාත් ඔය එෆ්.බී එකේ රෙකමදාරු හරහා ගියාට හිතුවේ නෑ. මේක මෙච්චර පට්ට එකක් කියලා. ආයෙත් අහලා මැක්සා. ගිහින් බලපල්ලා. හැබැයි අමතක කරන්න එපා.මුල් කොටසෙ ඉදන්ම පිළිවෙලට පලයන්. මොකද කතාවෙ නියම රහ තියෙන්නෙ එතකොට.මොකද කොටසින් කොටසට මාර සම්බන්ධයක් තියෙන්නෙ. මුල ඉදන් බලන්න බැරිනම් නොබලම හිටපන් මොකද තේරුමක් නැහැ අගක් මුලක් තේරුම් ගන්න බැරිව.
                                       ඒ වගේම මන් බලපු පට්ට ආසම ෆිල්ම් එකක් තමයි ස්ටීවන් ස්පිල්බර්ග් කියන
කවුරුත් දන්න පට්ට ඩිරෙක්ටර් අධ්‍යක්ෂණය කරපු ලියනාඩෝ ඩි කැප්‍රියෝ (ටයිටෙනික් එකේ කොල්ලා බන්) රගපාන "Catch Me If You Can"  කියන් ෆිල්ම් එක.මොකද මන් සාමාන්‍යයෙන් වැඩියෙන්ම ආස ඔය වගේ පට්ට ගේම් දෙන හරි.....ඔය වගේ ගේම් හොයන x-files වගේ ඒවට හරි තමයි.... කොහොමින් කොහොම හරි ඒ අග්‍රගන්‍ය චිත්‍රපටයෙන් තමයි මට ලියනාඩෝ ඩි කැප්‍රියො කියන නළුවා ගැන උමතුවක් ඇති උනේ. මොකද ඇත්තටම ලීයනාඩෝ ඩි කැප්‍රියො කියන්නෙ පට්ටම භාණ්ඩයක්......මන් දන්න සුපිරිම වර්ගයේ නළුවන් හතරපස් දෙනාගෙන් එකෙක්........

09 October 2017

කබ්බොත් රගන ගොබ්බ යහපාලනය ("දි එයාර්පෝට් වැසීමෙන් පසු" ටෙලි කතා නාටකය)


                                                  දෙල් ගහ යට ලියද්දේ කෝපි කඩේට මරලියා එක්ක ගියේ කෝපී එකක් කා බුලත් විටක් බීමටය ඊට ඉස්සරින් සිරිමත් මදන මෝදකයක් උඩු හක්කේ රුවා ගෙන සිටීමට අපි අදහස් කළෙමු. සිරිමත් මදන මෝදකය තෑපෑලෙන් පුල් සැන්ටි මැන්ටල් වන අල්ල පනල්ලේ මර්තේලිස් මාමා පත්තරයේ පුල් පිටුවේ වූ හොර පාස්පෝට් ගසා  ව්‍යාග්‍රා පෙති රට පැන්නවීමේ රුසියානු කුමන්ත්‍රණයට සම්බන්ධ පංචායුධ වීරේට නොදැන කළ අකුසලයට ඇපල් හම්බුවීම නිසා මහත් චිත්තප් සන්වේගයකින් බොක යන තරමටම හද්ද සෝ බරව විලි බරව කඩේහි වූ සෝමක්කා හා තම චිත්තප් වේගය මුදා හැරියාය.

"බලන්ඩ සෝමක්කෙ මුන් මේ පාරත් අරූව එලියට දාලනේ"

"ඔව්වා ඔහොම තමයි බන්"

                                                         සෝමක්කා වැඩි සීනී ප්ලේන්ටියක් දෙවුන්දර තුඩුවම පේන්න නෑවි  අල්ලා බීඩියක්ද මර්තේලිස් මාමාට පිරිනැමුවාය.
"එහෙමැයි කියලා. දැන් අවුරුදු කීයක් ගිහින්ද බන්..එක තෝරෙක් මෝරෙක් තියා හාල්මැස්සෙක්වත් ඇල්ලුවද"

"ඇයි දුමින්ද අයියව අල්ලලා දැම්මේ"  ඒ මරලියය

"ඔව් යහපාලනෙන් කියලා මිනිස්සුන්ට දැනෙන්න දඩුවමකට දුන්නෙ ඔච්චරයි"

"ඔව් ඉතින් ඒ මදිද මුළු ලයිප් ටයිම් එකේම දුමින්ද අයියා ඕකෙ තමයි"

"ඔව් ඉතින් ඔය හිරුණිකාගේ තාත්තට ඔය උණ්ඩේ වැදුනු නිසා හොදයි. උබේ තාත්තට එහෙම ඔය දුමින්ද අයියා උන්ඩේ තිබ්බනම් දැන් තියෙන සිස්ටම් එකත් එක්ක උබ ඇතුලේ ඉන්න තිබ්බා"

මරලියා විලි බියෙන් ඔත්පලව ගියාය. දෙන දෙයක් කා වෙන දෙයක් බලන් නොසිටියාට ඕකට හොද වැඩේය.

ඉන්පසුව සෝමේ අක්කා හනි හනිකට ගොස් කෝපි කඩේ වූ ටෙලිවීසොනය දමන ලද්දේ රුප්පවාහිනීයේ විකාසය වන "දි එයාර්පෝට් වැසීමෙන් පසු" නැමැති සුප්‍රසිද්ධ ටෙලි කතා නාටකය පටන් ගන්නා වෙලාව එය වූ නිසාය. එය කුතුහලය සහ ත්‍රාස්‍ය, භීතිය සහ පශ්චාත් නූතන ලිබරල් වාදයෙන් සහ ෆැසිස්ට්වාදයෙන් හද්ද ත්‍රිල්බර වූ ටෙලි කතා නාටකයකි.

27 September 2017

බෲටස් නුඹ ඇන්නේ සීසර්ට නොව මගේ පපු කුහරයට

අසුරු සැනකින් ජීවිතය හලන
චුබ්බනයකට ඇහැකිද පියාඹන්න
හෙට වේදිකාවේ සුන්බුන්ව විසිරෙන
අද මා දකිමි ඒ සුන්දර බියගුළු සිහින

සීසර්ට අයිති නුබ ඇතිරිල්ලක
දකිමින සරා සිහින මා සමග

ඇවිදින් සීරුවෙන් හෙමි හෙමින් බෲටස් නුඹ ළගට
බෲටස් උඹ පිහියෙන් ඇන්නේ සීසර්ට නොව මගේ පපු කුහරයට

ලේ නොව එන්නේ කදුලකි සතුටකි
අද බොද වෙන පෙම් සිහින හෙට
වෙනෙකක් ලග සතොසිනි කදුලකි

නුඹ යයි වෙනෙකෙකු එයි මා ලොවට
මා ලොව කිරුළු පලන් එකම කුමරා මමය
තවකෙකු විත් සියුම් පිරිමදියි ඒ මොහොත
දුක නැත පිහි ඇනුමට රිදුම් නැත හදවත

රිදුම් දෙන හදවතින් ලියන මම
-රෝමාන්තික රස්තියාදුකාරයා-